Thursday, March 28, 2024

General line - 0115112241

වහාම රෝහල් ගත වෙන්න : බ්‍රිතාන්‍ය අගමැතිගේ වීඩියෝවක් නරඹා වෛද්‍යවරයා උපදෙස් දෙයි




බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ වන විට ලන්ඩනයේ සාන්ත තෝමස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ වන විට අගමැතිවරයාට දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉකුත් ඉරිදා අගමැති බොරිස් ජොන්සන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ කැබිනට් මණ්ඩලයේ රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී ඔහු හුස්ම ගැනීමට දැඩි වෙහෙසක් දරන අයුරු දක්නට ලැබූ බවට අමාත්‍යවරුන් විසින් සඳහන් කර සිටියේ.

කැබිනට් රැස්වීම අවසන් වීමෙන් පසුව එදින රාත්‍රියේ දී දෙවන එලිසබෙත් මහ රැජිණ ගේ ජාතිය ඇමතීමේ ප්‍රකාශය සකස් කිරිමට වෙහෙසුණු බවත් ඉන් පසුව සිය දෛනික කටයුතු වල යෙදී සිට ඇති බවයි ඔහුගේ කාර්යාල නිලධාරින් සඳහන් කර ඇත්තේ.

ක්‍රමක් ක්‍රමයෙන් ඔහුගේ තත්ත්වය අයහපත් අතට හැරීමත් සමග අගමැති බොරිස් ජොන්සන් සිය වෛද්‍යවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා ගෙන සිය තත්ත්වය ගැන හෙළි කොට ඇත.

එම වෛද්‍යවරයා වහාම වීඩියෝ ඇමතුමක් ගෙන අගමැතිවරයා නිරීක්ෂණය කිරිමට අවශ්‍ය බව පවසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ වහාම ඔහුට රෝහල් ගත වන ලෙසයි.

එලෙස ලැබුණු වෛද්‍ය උපදෙස් අනුව වහාම අගමැති බොරිස් ජොන්සන්ව රෝහල් ගත කිරිමට ඔහුගේ ආරක්ෂකයින් විසින් පියවර ගත් බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර සිටියේ.