Thursday, April 25, 2024

General line - 0115112241

ග්‍රහයන් 05 දෙනෙක් සමග වසරේ දීප්තිමත්ම "සුපිරි රෝස චන්ද්‍රයා" අද දැක ගන්න 




මෙම වසරේ දිස්වන පුරහඳ වලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” නමින් හදුන්වන පුරහඳ සමග බුද, සිකුරු, අගහරු, බ්‍රහස්පතී සහ සෙනසුරු යන ග්‍රහයින් 5ක් ද දිස්වන අහස් සංදර්ශනයක් බක් පුර පොහෝ දිනය වන අද (07) දින අහසේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුයේ වෘතාකාර මාර්ගයක නොව ඉලිප්සාකාර මගකය. එහිදී චන්ද්‍රයා, පෘථිවියට ලගින්ම ගමන්කරන දිනයක දී පුරහදක් ඇතිවුවහොත් චන්ද්‍රයා වෙනදට වඩා කි.මි. 50000 ක් පමණ ලංවන බැවින් සඳු ඇතින් පිහිටන දිනකදී වඩා 14%  විශාලව හා 30% වඩා දීප්තිමත්ව, පෙනෙන නීසාවෙන් එයට සුපිරිසද යන නම භාවිතා කරනු ලැබේ. සුපිරි සදක් නැරබිමට හොදම වෙලාව චන්ද්‍රයා ක්ෂ්තිජයෙන් තරමක් ඉහලින් පිහිටන සදු පායන හෝ බසින අවස්ථා බව මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

අද දින සවස නැගෙනහිරින් සදු උදාවනවිට චන්ද්‍රයාද බටහිර අහසේ ඉතා දීප්තිමත්ව සිකුරු ග්‍රහලෝකයද අපට දැක ගැත හැකිය. මෙම සුපිරි සඳ නැරඹීම සදහා හෙට (08) අළුයම 5.00  ත් - 5.30 ත් අතර කාලය වඩා සුදුසු බවත් එවිට බටහිර සිට පිළිවෙලින් අහස මුදුනට වන්නට කහපැහැයෙන් දිස්වන යෝධ බ්‍රහස්පති, වළලුපලන් ග්‍රහයා වන සෙනසුරු, සහ රත් පැහැ අඟහරු යන ග්‍රහයින් තිදෙනා එකලගට වන්නටද, නැගෙනහිර ක්‍ෂිතිජයට ආසන්නව බුධ ග්‍රහයා ද දීස්වනු ඇත. මෙම ග්‍රහ දසුන හෙට දින රාත්‍රී කාලයේද දැක ගත හැකි බවයි ආචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම පුරහඳ සුපිරි රෝස චන්ද්‍රයා නමින් හැදින්නුවද මෙහි කිසිදු රෝස පැහැයක් නැති අතර වසන්තය උදාවත් සමග ඇතිවන පළමු පුරහඳ එකල පිපෙන රෝස පැහැ මල්වර්ගයක් නිසා මෙනමින් හදුන්වයි.

මේ අතර  උතුරුකරයේ රටවලට සීත සෘතුව පහවී එළබෙන ග්‍රීෂ්මයේදී  පරිසර උෂ්ණත්වය වැඩිවීමත් සමගම එම රටවල කොරෝනා ව්‍යවසනයේ ඉක්මන් තුරන්වීමක් ද බලපොරොත්තු වියහැකි බව මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කර සිටියා.