Friday, April 26, 2024

General line - 0115112241

පොරොන්දුව ප්‍රමාද වීමෙන් ජීවිත 03 ක් බිලි – ගේට්ටුකරුවන් වර්ජනය අතහරි




අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුකරුවන් විසින් සිදු කෙරුණු වැඩවර්ජනය අද (03) පස්වරුවේ අවසන් කෙරුණා.

කෙසේ වෙතත් ඊට පැය කිහිපයකට පෙර වාර්තා වූයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ අනතුරකින් එකම පවුලේ මව සහ දියණියන් දෙදෙනෙකු මියගිය ඛේදණීය පුවතයි.

ප‍්‍රදේශවාසීන් පැවසුවේ දුම්රිය හරස් මාර්ගයෙහි වෙනදා ගේට්ටුකරුවන් සේවයේ යෙදී සිටින බවයි. එහෙත් වැඩවර්ජනය හේතුවෙන් ඔවුන් අද එහි රැඳී සිට නොමැති අතර රතු කොඩියක් පමණක් ගේට්ටුවේ එල්ලා තිබුණු බව ද ප‍්‍රදේශවාසීන් කියා සිටියා.

ප‍්‍රදේශවාසීන් අනතුරින් පසු විරෝධතාවකට ද සූදානම් වී සිටියා.  ඒ, අනතුරට ලක්වූ යතුරුපැදිය ද දුම්රිය මාර්ගය මත හරස් කරමින්. එම අවස්ථාවේදී තවත් දුම්රියක් පැමිණ ඇති අතර එය යතුරුපැදියේ ගැටීමෙන් දුම්රිය එන්ජිමට හානි සිදුවී තිබෙනවා. ඒ අනුව එම දුම්රිය ද එහි නතර කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුකරුවන් ඉකුත් දින කිහිපය තිස්සේ වැඩවර්ජනයක යෙදී සිටියේ රුපියල් පන්දහසක දීමනාවක් ඉල්ලමින්. සිය ඉල්ලීම් ලබාදෙන බවට ප‍්‍රවාහන අමාත්‍යංශයෙන් ලිඛිත පොරොන්දුවක් ලැබීම නිසා එම වැඩවර්ජනය අද පස්වරුවේ අවසන් කළ බව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුකරුවන්ගේ සංගමයේ සභාපති ජේ.ඒ.සී. පේ‍්‍රමලාල් කියා සිටියා.

(අනතුරට සම්බන්ධ ඡාායරූප පහතින් දැක්වෙයි)

20160803_121954 20160803_121943 01