Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා නිසා බිඳ වැටෙන සිනමා ශාලා සඳහා රජයෙන් සහන - මාස තුනකට රජයෙන් දීමනාවක්



ජාතික චිත‍්‍රපට සංස්ථා ප‍්‍රදර්ශක මණ්ඩලය වන රිත්මා මණ්ඩලයට අයත්, සංස්ථාව සමග නිසි ගනුදෙනු පවත්වාගෙන යනු ලබන සියලූම සිනමා ශාලාවන්ට මාස 03 ක කාලයක් මාසිකව රුපියල් ලක්ෂය බැගින් සහන දීමනාවක් ලබා දීමට ශී‍්‍ර ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා.

එම සහන දීමනාවෙන් රුපියල් 50,000 ක් හිමි වන්නේ සේවක මණ්ඩල වැටුප් සහ නඩත්තු කටයුතු සඳහායි. අනෙක් රුපියල් 50,000, මාස 10 ක් තුළ කොටස් වශයෙන් ගෙවිය හැකි පොලී රහිත ණය මුදලක් ලෙස ලබා දීමට පියවර ගනු ඇති. 

එමෙන්ම, චිත‍්‍රපට සංස්ථාව විසින් සිනමා ශිල්පී වැටුප් ක‍්‍රමය යටතේ සිනමා ශිල්පීන් 160 දෙනෙකුට මාසිකව ගෙවනු ලබන රුපියල් 5,000 දීමනාව ද සෑම මසකම 03 වනදාට පෙර ගෙවන ලෙස ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස උපදෙස් ලබා දී තිබෙනවා.