Friday, April 19, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය කඩා පොලිස් අත්අඩංගුවට පත් වූ පිරිස තවත් ඉහළට




ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 283 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද උදෑසන 06 සිට මධ්‍යාහ්න 12 දක්වා ගත වූ පැය 06 ක කාලය තුළයි. 

එම කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 81 ක්. ඒ අනුව ඉකුත් මාර්තු මස 20 වනදා සවස 06 සිට අද මධ්‍යාහ්න 12 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 18,000 ක් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

එම කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 4,667 ක් වන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.