Friday, March 29, 2024

General line - 0115112241

අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ කළ පුද්ගලයින් 02ක් CID අත්අඩංගුවට




සමාජ මාධ්‍ය ඔස්සේ ඔස්සේ වීඩියෝවක් සහ අසත්‍ය ප්‍රකාශයක්සිදු කරනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙක්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි එක් පුද්ගලයෙක් අංගොඩ, කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ.

මිට අමතරව පොල්ගහවෙල රෝහලේ කොරෝනා ආසාධිතයින් සිටින බවට අසත්‍ය සටහනක් සමාජ මාධ්‍ය වෙත මුදාහළ 43 හැවිරිදි පුද්ගලයෙක් ද අත්ඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

නිරෝධායන ක්‍රියාවලිය හාස්‍යට ලක් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදුකළ කාන්තාවක් ඇතුළු 09 දෙනෙක් පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ.