Friday, June 5, 2020

Advertising - 0773953664 | General line - 0115112241

හිටපු නියෝජ්‍ය ඇමැති ස්වයං නිරෝධායනයට : තාරාපුරම් ගම්මානය වසා දමයි 

මාධව කුලසුරිය

2704Views


 


කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගියෙකු පැමිණීම හේතුවෙන් මන්නාරම තාරාපුරම් ගම්මානය අද (08) උදැසන සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා රෝග ලක්ෂ මතුවීමත් සමඟ අදාළ පුද්ගලයා ගමන්කළ ස්ථාන සම්බන්ධයෙන් කළ සොයා බැලීමක් අනුව තාරාපුරම් ගම්මානය වසා දැමීමට තීරණය කොට ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කර සිටියේ.

කොරෝනා රෝග ලක්ෂණ මතුවු පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය 18 වැනිදා මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ එම තීරණය ගෙන ඇති බවයි මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කලේ.

එම අවමංගල්‍ය උත්සවයට හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ද සහභාගිවී ඇති බවට ලද තොරතුරු මත ඔහුට සිය නිවසේ සිට ස්වයං නිරෝධායනය වන ලෙසට උපදෙස් ලබාදි ඇති බවද වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර සිටි බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

පුත්තලම ප්‍රදේශයෙන් හදුනාගත් අදාළ රෝගියා පසුගිය සමයේ ඉන්දුනීසියාවට ගොස් පැමිණ ඇති බවටද තොරතුරු පවතින බවයි මහජන සෞඛ්‍ය  පරීක්ෂක නිළධාරීන් සඳහන් කරන්නේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here