Saturday, April 20, 2024

General line - 0115112241

නිවසේ ගත කරන කාලය වෙස් වළාගත් ආශිර්වාදයක් කර ගත හැකියි



වර්තමානයේ රට මුහුණ පා ඇති අභියෝග හමුවේ ශක්තිමත්ව ඊට මුහුණ දීමෙන් ස්වයංපෝෂිත හා සෞභාග්‍යමත් රටක් බිහි කරගත හැකි  බව විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

ඊයේ (08) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සඳහා ජනතාව සවිබල ගැන්විය යුතු බවයි. 

නිවසට වී ගත කරන කාලය ඵලදායී ලෙස ගෙවා දැමීමෙන් මතුව ඇති අභියෝග, වෙස් වළාගත් ආශිර්වාදයක් බවට පත්කර ගත හැකි බව ද විශ‍්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර වැඩිදුරත් පෙන්වා දුන්නා. 

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ)