Saturday, April 20, 2024

General line - 0115112241

දිවා රෑ වෙහෙසෙන සෞඛ්‍ය අංශයට 'PAYMASTER' රී-ලොඩ් පහසුකම් සපයයි




නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටදී හඳුනාගන්නා රෝගීන්ට ප‍්‍රතිකාර ලබා දෙන ප‍්‍රධානතම රෝහල වන අංගොඩ පිහිටි බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH උණ රෝහලට අත්‍යාවශ්‍ය උපකරණ රාශියක් නෙත් එෆ් එම් රේඩියෝවේ මැදිහත් වීමෙන් ඊයේ (08) එම රෝහල වෙත ප‍්‍රදානය කෙරුණා.

රෝහල් කාර්යය මණ්ඩලයේ අවශ්‍යතා සඳහා රුපියල් දෙලක්ෂ පනස්දහසක් වටිනා රීලෝඞ් පහසුකම් ද මෙහිදී ප‍්‍රදානය කෙරුණා. ඒ, පේ මාස්ටර් සොලූයුෂන්ස් පුද්ගලික ආයතනයේ දායකත්වයෙන්.

එහි ප‍්‍රධාන විධායක නිලධාරී රන්සික ද සිල්වා කියා සිටියේ "කොරෝනා වෛරසයට එරෙහිව IDH රෝහලේ කාර්ය මණ්ඩලය විශාල කැප කිරීමක් සිදු කරනවා. ඒ මුළු රට වෙනුවෙන්මයි. ඔවුන්ට ඔවුන්ගේ විවේකයක් ලැබෙන අවස්ථාවේදී පවුලේ සමීපතමයින් සමග දුරකතන මාර්ගයෙන් කතා බහක නිරත වීමට අවශ්‍ය සහයක් තමයි අපි හරහා සිදු කළේ." යනුවෙනි.