Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා අවධානම නොතකා අවුරුදු කන්න බඩු ගන්න ආ මිනිස්සු (PHOTOS)

දිනසේන රතුගමගේ




ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමගම උතුරේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහෙන් යාපනයේ ජනතාව හැරුණු විට සෙසු පළාත්වල වැසියෝ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා නගර වලට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වූ බව nethnews.lk වාර්තාකරු සඳහන් කළා.

ඉදිරියේ එන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමය හේතුවෙන් විශාල පිරිසක් මෙලෙස නගරවලට පැමිණ සිටි ආකාරය ද දැකගත හැකි වූ බවත් ඉන් විශාලම පිරිසක් එක්ව සිටියේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයට බවත් සඳහන් කළා.

දඹුල්ල හා තඹුත්තේගම ආර්ථික මධ්‍යහස්ථාන වසා දමා තිබීම හේතුවෙන් වවුනියාවේ එලවලු හා පලතුරු ගොවීන් ඔවුන්ගේ එලවලු හා පලතුරු තොග අලෙවි කිරීම සඳහා මෙලෙස නගරයට පැමිණ ඇති බවත් වාර්තා වුණා.
වෙළෙන්දන් හා පාරිභෝගිකයින් විශාල පිරිසක්  නගරයට පැමිණ සිටීම නිසා ඔවුන්ව හැසිරවීමට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යෙදවීමට සිදුව තිබුණි.