Friday, March 29, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල නගර ජනතාවගෙන් පිරී යයි




ඇඳිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල ජනතාව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අද උදෑසන සිට නගර වෙත පැමිණෙමින් සිටිනවා. 

ඇතැම් ස්ථානවල සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් වෙළඳාම් කිරීම් සහ භාණ්ඩ මිලදී ගැනීම් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. වැඩිදුරටත් අදහස් දක්වමින් නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසූවේ බොහෝ නගරයන් ජනතාවගේ පිරී තිබූ බවයි.

කෙසේවෙතත් බදුල්ල නගරය වෙත ජනතාව පැමිණීම, ඇඳිරි නීතිය ලිහිල් කළ පෙර අවස්ථාවලට වඩා අඩු මට්ටමක පැවති බව නෙත් නිවුස් බදුල්ල වාර්තාකරු පාලිත ආරියවංශ පැවසුවා.

රත්නපුර දිස්ති‍්‍රක්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල යන පොලිස්බල ප‍්‍රදේශවල ඇඳිරි නීතිය අද ලිහිල් කෙරුණේ නැහැ.