Friday, March 29, 2024

General line - 0115112241

රජයෙන් තවත් සහන - බස් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ටත් දීමනාවක්, විදුලි බිලටත් සහනයක්




කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් මතුව ඇති තත්ත්වයන් හමුවේ ආදායම් මාර්ග නොමැතිව සිටින පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට රුපියල් පන්දහසක සහන දීමනාවක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබෙනවා.
 
ඒ, මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ඒ සම්බන්ධයෙන් කළ ඉල්ලීමකට අනුවයි. 

මේ අතර විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීම සඳහා මේ මස 30 වනදා දක්වා සහන කාල සීමාවක් ලබා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස්වීම් සිදු වුව ද, එළඹෙන නොවැම්බර් මාසය දක්වාම අඛණ්ඩ විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග නොරොච්චෝලේ බලාගාරය සතුව පවතින බැවින් කිසිදු කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය ලබා දිය හැකි බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.