Friday, June 5, 2020

Advertising - 0773953664 | General line - 0115112241

කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රථිකාර ගත් රැඳවියෙකු රෝහලෙන් පැන යයි

5495Views


 


ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටුවේ සිටි බන්ධනාගාර රැදවියකු අද (09) පස්වරුවේ දි  රෝහලින් පැන ගොස් ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙකි රැදවියා ඊයේ බුස්ස බන්ධනාගාරයේ සිට උණ කැස්ස වැනි රෝග ලක්ෂණ තිබිම නිසා කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුලත්කොට ඇත.

මෙම රැදවියා කොරෝනා පරික්ෂනයකටද ලක්කොට ඇති අතර එහිදි ඔහුට කොරෝනා ආසාදනය වි  නොමැති බවට පරික්ෂණවලදි  තහවුරුවි ඇත.

මෙකි  රැදවි අද පස්වරුවේ කොරෝනා වාට්ටුවෙන් පැනගොස් ඇත. මොහු මාතර බන්ධනාගාරයේ සිට බුස්ස බන්ධනාගාරයට මාරුකළ අයෙකි.

ගෙවල් බිදුම් සම්බන්දයෙන් මොහු බන්ධනාගාරගත කොට ඇති බව පොලිසිය පවසයි. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here