Friday, March 29, 2024

General line - 0115112241

රුපියලේ අගය ස්ථාවර කිරීමට රජයෙන් ගැසට් පත්‍රයක්




ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර කිරීම සඳහා විනිමය පාලන රෙගුලාසි ලිහිල් කරමින් අද දිනයේ ගැසට් පත‍්‍රයක් නිකුත් කෙරෙන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. 

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට එක් වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ පවතින තත්ත්වය හමුවේ අපහසුතාවට පත් වූ පවුල් ලක්ෂ 54 කට පමණ රජය විසින් සහන සලසා ඇති බවයි.