Friday, April 19, 2024

General line - 0115112241

රිමාන්ඩ් තදබදය අවම කිරීමට අදාළ මාර්ගෝපදේශ වැඩ බලන පොලිස්පතිවරයා වෙත




කෝවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ රිමාන්ඞ් බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන් නිදහස් කිරීමට අදාළ මාර්ගෝපදේශ නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් යොමුකර ඇති මාර්ගෝපදේශවල නිර්ණායක 05 ක් ඇතුළත්.

ඒ අනුව, ඊට අදාළ අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසයි නීතිපතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

මෙරට බන්ධනාගාර තුළ සිටින 13,000 කට අධික රිමාන්ඞ් රැඳවියන් සංඛ්‍යාවෙන් 8,000 ක් පමණ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටින රැඳවියන් වනවා.

ඔවුන් අතරින් සිදු කර ඇති වරදවල්වල බරපතළ ස්වභාවය සලකා බැලීමෙන් පසු සුදුසු රිමාන්ඞ් රැඳවියන් ඇප මත මුදා හරින ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් මීට පෙර නීතිපතිවරයා වෙත උපදෙස් ලබා දී තිබුණා.