Thursday, April 25, 2024

General line - 0115112241

පාස්කු සමරන කිතුණු ජනතාවගෙන් ජනපති ඉල්ලීමක් කරයි




කිි‍්‍රස්තුස් වහන්සේගේ උට්ඨානය සිහි කෙරෙන පාස්කු මංගල්‍යය සිහිපත් කිරීමෙන් වර්ධනය කර ගන්නා ශාන්තදායී හැගීම් සහෝදර ජනතාව අතර පේ‍්‍රමය, සාමය සහ සහජීවනය උදා කිරීමට උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මෙවර පාස්කු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයක මේ බව සඳහන්. පාස්කු දින මංගල්‍යය මෙරට කිතුණු බැතිමතුන්ගේ සොදුරු ආගමික මතකයක් බවත්, එහෙත් පසුගිය වසර ඉතා වේදනාත්මක එකක් බවට පත් වූ බවත් ජනාධිපතිවරයා සිහිපත් කරනවා.

"අදටත් එහි කම්පනය මැකී ගොස් නැහැ. රජයේ කැපවීම වේදනාවට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීමයි." එමෙන්ම එවන් සිදුවීම් මාතෘ භූමියෙන් තුරන් කිරීමට ද රජය දැඩිව වගවී සිටින බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

රටත් ජනතාවත් අතිශය අභියෝගාත්මක සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින මේ මොහොතේ රජය සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට අවනතව මෙරට කිතුණු ජනතාව ජේසු සමිදාණන් වෙනුවෙන් කැප වනු ඇතැයි රජය බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා නිකුත් කළ පාස්කු දින පණිවුඩයේ සදහන්.

ජේසුස් වහන්සේගේ දේශනා සිහි කරමින් මනුෂ්‍යයා පාපයෙන් මුදා ගැනීමට සියලූ දෙනාට හැකි වේවා යැයි ප‍්‍රාර්ථනා කරන බව ද එහි වැඩිදුරටත් දැක්වෙනවා.