Thursday, April 25, 2024

General line - 0115112241

නෙත් සම්බන්ධීකරණයෙන් IDH රෝහලේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් ඉටු කිරීම ඇරඹේ




මෙරට කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාර සිදු කරන ප‍්‍රධානතම රෝහල වන IDH රෝහලේ සී ටී ස්කෑන් යන්ත‍්‍රයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල ඉදි කිරීම අද (10) ආරම්භ වනවා.

නෙත් එෆ්. එම්. රේඩියෝවේ සම්බන්ධීකරණයෙන් ඒ සඳහා දායකත්වය ලබා දෙන්නේ ශී‍්‍ර ලංකා නාවික හමුදාවයි.

ඒ පිළිබඳ කරුණු දැක්වූ IDH රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කියා සිටියේ සී ටී ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් කොරෝනා වැළඳුණු රෝගීන්ගේ පපුවේ සහ පෙනහළුවල පරීක්ෂණ කිරීම අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමයක් බවයි. ඒ හේතුවෙන් මේ කටයුතු සම්බන්ධීකරණය කිරීම ගැන නෙත් එෆ්. එම්. ආයතනයට සහ මෙම ව්‍යාපෘතිය සඳහා වන මුල්‍ය දායකත්වය මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ 92/93 වසරේ සාමාජිකයින් වෙනුවෙන් ස්තූතිවන්ත වෙන බවත් සඳහන් කළා.

මොරටු විශ්විද්‍යාලයේ 92/93 වසරේ ශිෂ්‍ය කණ්ඩායම විසින් මෙම ගොඩනැගිල්ලේ සැලසුම පවා ඇඳ දීමට ඉදිරිපත්වී සිටීම ඇගයීමට ලක්විය යුතු කරුණක් බවයි මෙහිදී විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කර සිටියේ.