Thursday, April 25, 2024

General line - 0115112241

රට තුළ පවතින තත්ත්වය ගැන බියට පත් විය යුතු නෑ



රට තුළ පවතින තත්ත්වය හමුවේ බියට පත් වීමෙන් කිසිදු ප‍්‍රථිඵලයක් අත් නොවන බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

මේ මොහොතේ පුරවැසියන් සිදු කළ යුත්තේ සන්සුන් මනසකින් යුතුව කටයුතු කිරීම බවයි ඊයේ (09) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ජීවිතය ජයගන්නා ආකාරය ද මෙහිදී පැහැදිලි කෙරුණා.

තවද රට තුළ මතුව ඇති තත්ත්වය මෙරට අධ්‍යාපන ක‍්‍රමයේ වෙනසක් ඇති කිරීමට අවස්ථාවක් කරගත යුතු බවද කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පෙන්වා දුන්නා.

දරුවන් එක්කර ගනිමින් නිවසේදී ආදර්ශ පාසලක් පැවැත්වීමට දෙමව්පියන්ට දැන් අවස්ථාවක් පවතින බවයි එහිදී පැහැදිළි කෙරුණේ.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.