Thursday, April 25, 2024

General line - 0115112241

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින සතොස මෙහෙයුම (PHOTOS)




නව කොරෝනා හෙවත් COVID-19 වෛරස්  තත්ත්වය හමුවේ රට තුළ මේ වන විට ක්‍රියාත්මක ආරක්ෂව වැඩපිළිවෙල තුළ දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකිව විවිධ මට්ටමින් ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

වෛද්‍යවරු, හෙද හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙන්ම ආරක්ෂ අංශත් විශාල කැප කිරීමක් සිදු කරමින් තත්ත්වය පාලනය කර ගන්නට විශාල උත්සහයක් ගනිමින් සිටිනවා.

ඒ අතර නිවෙසට වී සිටින ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මලු සකස් කිරීමේ කාර්යයක නිරතව සිටින සතොස සේවක පිරිසද දින ගණනාවක සිට මේ වන තෙක්ම ජනතාවට සහන සැළසීමේ කටයුතුවල නිරතව සිටිනවා.

රාජ්‍ය ආයතන ගණනාවක් වෙත සහන මලු සකස් කර බෙදා හැරීමේ ප්‍රමුඛ කාර්යයන් සිදු වන්නේ ලංකා සතොස හරහායි.

රත්මලාන සතොස මෙගා ශාඛාව හරහා ද දිනකට ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මලු දහසකට ආසන්න සංඛ්‍යාවක් සකස් කෙරෙන්නේ විවිධ පාර්ශ්ව හරහා බෙදා හැරීමේ කටයුතු වෙනුවෙන් බවයි එහි කළමණාකරු රසික දේශප්‍රිය සඳහන් කළේ.

(ඡායාරූප පහතින් දැක්වේ)