Thursday, March 28, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාර කාර්යාලය ඉදිරිපිටදී හූ කියමින් අපහාසාත්මක ලෙස හැසිරුණු බවට ජන සටන පාද යාත‍්‍රාවේ පැමිණි පිරිස්වලට චෝදනාවක් පවතිනවා.

ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ ඒ පිළිබඳව පාද යාත්‍රාවේ කමිටුව නිල වශයෙන් කණගාටුව ප්‍රකාශ කර ඇති බවයි. කවුරුන් හෝ කෙනෙකු එසේ කීවේ නම් හෝ ජනාධිපතිවරයාට අපහාස වෙන පෞද්ගලික ප්‍රකාශ සිදු කළා නම් අවංකවම ඒ ගැන කණගාටු වෙන බවත් සඳහන් කළා.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුටුවල ඉන්න සියලු දෙනාගෙන්ම තමන් ඉල්ලීමක් කරන බවද පැවසුවා. ඒ පක්ෂයේ නිර්මාතෘවරයාගේ සොහොන අසළදී ගෞරවාන්විත අයුරින් පැමිණ පක්ෂ මූලස්ථානය අසළදී එසේ හැසිරුනා නම් එසේ වූයේ ඇයි යන්න අභ්‍යන්තර සාකච්ඡාවක් මගින් විසඳගත යුතු බව පවසමින්.