Friday, April 19, 2024

General line - 0115112241

කොරෝනා රෝගයෙන් සුවය ලබා නිවසට පැමිණි පුත්තලමේ පළමු රෝගියා සෞඛ්‍ය උපදෙස් කඩකොට ගම පුරා සංචාරය කරලා

ප්‍රියංකර කළුපහන - පුත්තලම




ඉන්දුනිසියාවේ සංචාරය කොට මෙරටට පැමිණ සිටියදී කොරෝනා වෛරසය වැලදී ඉන් සුවය ලබා නිවසට පැමිණි පුද්ගලයෙකු ඔහුට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොතකා ප්‍රදේශයේ සැරිසැරීම නිසා අද දිනයේදී සෞඛ්‍ය බලධාරීන් ඔහුට දැඩි සේ අවවාද කර තිබෙනවා.

ආගමික ප්‍රචාරක කටයුත්තක් සදහා ඉන්දුනීසියාව බලා ගොස් පසුගිය මාර්තු මස 17 වන දින මෙරට පැමිණි පුත්තලම, කඩුමයාකුලම් පාර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු වන මොහුට නව කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට අනාවරණය වීමත් සමග පසුගිය මාර්තු මස 28 වෙනිදා සෞඛ්‍ය අංශ විසින් වැඩිදුර ප්‍රතිකාර සදහා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත යවනු ලැබුවා.

එලෙස වැඩිදුර ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු ඊයේ (10) දිනයේදී සුවය ලබා නැවත නිවෙස් බලා පැමිණ තිබෙනවා. මේ වන විට ඔහුගේ බිරිද සහ දරුවන්ද  නිරෝධායනය මධ්‍යස්ථානයනහි මෙන්ම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත යොමු කර තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් සුවය ලබා ඔහු සිය නිවසට පැමිණිමත් සමග සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව සිය නිවසේ දින 14ක කාලයක් රැදී සිටීමට උපදෙස් දී තිබුණද, අදාල පුද්ගලයා මේ වන විටත් ප්‍රදේශයේ වෙනත් නිවාස වෙත සංචාරය කොට ඇති බවට අද (11) දින සෞඛ්‍ය අංශ වෙත තහවුරු වීමත් සමග සෞඛ්‍ය අංශ විසින් ඔහුට දැඩි සේ අවවාද කොට ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

මේ වනවිට මෙම ගම්මානය සම්පූර්ණයෙන් හුදෙකලා කිරීමට රජය විසින් පියවර ගෙන තිබුණත් අද වන විට විවිධ පුද්ගලයින් සිය ව්‍යාපාරික කටයුතු සදහා පැමිණෙන ආකාරය මෙහිදී සෞඛ්‍ය අංශ වෙත දක්නට ලැබුණු බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.