Thursday, April 25, 2024

General line - 0115112241

ළිඳට බැස්සා ගැඹුර දන්නවා – දැන් WiFi දෙනවා




ඔක්තෝබර් මාසය වනවිට ස්ථාන 400 ක WiFi පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු කර ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළා.

ආයතන 05 කට WiFi ලබා දීම සඳහා භාර දී තිබුණත් එහි තිබූ යම් යම් ගැටලු හේතුවෙන් මෙය ප්‍රමාද වූ බවයි ඇමතිවරයා සඳහන් කළේ. එක් සමාගමක් ලබා දෙන WiFi සේවාව ලබා ගන්නට වෙනත් සමාගමක සේවාව ලබන ග්‍රාහකයෙකුට නොහැකි වීම නිසා මෙම ගැටලු පැණ නැගුනු බවද පැවසුවා. WiFi සඳහා දැනට ලියාපදිංචි වී ඇති පිරිස 28000 ක් පමණක් බවද සඳහන් කළා.

දැනට ස්ථාන 255 කට ආසන්න ප්‍රමාණයකට WiFi පහසුකම් ලබාදී තිබෙන බවත් පොදුවේ දැනට ක්‍රියාත්මක වන ස්ථානවල පවතින වේගය දෙගුණයකින් ඉහළ දමන බවද හෙතෙම සඳහන් කළා.

ඇතැමුන් මෙම ව්‍යාපෘතිය විවේචනය කරමින් විවිධ වාර්තා පළ කළ බවත් පැවසුවා. එහිදී, “ළිඳට බහින්න එපෙයි ගැඹුර බලන්න.  දැන් ප්‍රශ්නය හඳුනා ගත්තා. දැන් සියල්ල සූදානම්.” යනුවෙන්ද පැවසුවා.