Wednesday, April 24, 2024

General line - 0115112241

කොරෝනා අවධානම මැද රාජකාරී කරන රාජ්‍ය සේවයේ නිලධාරීන්ටත් ආරක්ෂිත හිස්වැසුම්




නව කොරෝනා හෙවත් කොවිඞ් -19 පරාජය කිරීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල මෙන්ම රාජ්‍ය සේවයේ ඇතැම් පිරිස්ද අවධානම නොසලකා රාජකාරී ඉටු කරමින් සිටිනවා.

එවැන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ආරක්ෂිත හිස් වැසුම් ලබා දීම සඳහා නෙත් එෆ්. එම්. රේඩියෝව සමග H H CO   පෞද්ගලික සමාගම එක්වුණා.

මෙහි පළමු අදියර යටතේ ආරක්ෂිත හිස් වැසුම් ලබා දුන්නේ කොලොන්නාව සහ තිඹිරිගස්යාය ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවලටයි.

ඒ පිළිබඳ ස්තුතිය පළ කරන කොලොන්නාව සහකාර ප‍්‍රදේශිය ලේකම් චමින්ද පරනමාණ සඳහන් කළේ ජනතාවට සහන බෙදාහැරීම් සිදු කිරීමේදී සිය නිලධාරීන් මුහුණ දී සිටි විශාල අවධානමක් මේ හරහා අවම කර ගැනීමට හැකි වූ බවයි.

තිඹිරිගස්යාය සහකාර ප‍්‍රදේශීය ලේකම් සජිත් කස්තුරිසිංහද අදහස් දැක්වූවා. ඔහු පෙන්වා දුන්නේ සිය නිලධාරීන්ට ද පැවැති ආරක්ෂිත උපකරණවල අඩුව පුරවාලමින් මේ ලැබුණු පරිත්‍යාග විශාල උපකාරයක් බවයි.

අවධානමද නොසලකා රාජකාරී සිදුකරන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ආරක්ෂිත හිස්වැසුම් ලබා දිමේ මෙම ව්‍යාපෘතිය H H C O පෞද්ගලික සමාගම සමග එක්ව නෙත් එෆ්. එම්. රේඩියෝව සිදු කරන්නේ ශී‍්‍ර ලාංකේය විශ්ම කර්ම පෙළහර යටතේයි.