Thursday, April 25, 2024

General line - 0115112241

"සුළු පිරිසකගේ නොසැලකිල්ල රට තුළ කොරෝනා පැතිරුවා"



සුළු පිරිසකගේ නොසැලකිල්ල හේතුවෙන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මෙරට ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ බව ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

ඔහු කියා සිටියේ මෙය යම් ජාතිකයකට, ප‍්‍රදේශයකට හෝ කුලකයකට ලඝු කිරීම සුදුසු නොවන බවයි. ඊයේ (15) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ජනාධිපති නීතීඥ අලි සබ්රි මේ බව කියා සිටියා. 

සිදුව ඇති අඩුපාඩු මගහරවා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී පැහැදිළි කළා. 

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)