Thursday, April 25, 2024

General line - 0115112241

සිසුවිය පැහැර ගැනීමේ තැත වරදියි




අද (03) පස්වරුවේ උසස් පෙළ විභාගය අවසන් වී නිවසට යමින් සිටි පාසල් සිසුවියක් අම්පාර අධ්‍යාපන කාර්යාලය අසළදී පැහැරගෙන යෑමට උත්සහ කළ පුද්ගලයෙක් එම අවස්ථාවේදීම අල්ලා ගැනීමට පොලිස් නිලධාරින් සහ මාර්ගයේ ගමන් ගත් පිරිසක් සමත්වී තිබෙනවා.

අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ විභාග ශාලාවෙන් පිටව නිවසට යෑම සඳහා මෙම සිසුවිය මාර්ගයට පැමිණ තිබුණා. එහිදී අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී ත්‍රීවිල් රථයෙන් පැමිණ මෙම පැහැර ගැනීම සිදු කිරීමට උත්සහ ගෙන තිබුණා.

ත්‍රීරෝද රථයේ පිටුපස සිටි පුද්ගලයෙක් එක වරම මෙම සිසුවිය රථය තුළට ඇඳගෙන තිබෙනවා. පසුව සිසුවිය රථයෙන් බිමට පැන ඇති අතර එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගත් පිරිසක් සහ ආරක්ෂක රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් එක්ව පාසල් සිසුවිය බේරා ගෙන තිබෙනවා. පැහැර ගැනීමට පැමිණි පුද්ගලයා සහ රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.  එක් සැකකරුවෙක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

එම රථය තුළ තිබී ඇඳුම් මල්ලක්,  කිසියම් දියර බෝතලයක්, කිණිස්සක්, කැමරා දුරකතන කිහිපයක් සොයාගෙන තිබෙනවා. පැහැර ගැනීමට සම්බන්ධ පුද්ගලයා සහ සිසුවිය අතර පේ‍්‍රම සම්බන්ධතාවයක් තිබී ඇති අතර එය අත්හැරීම නිසා මෙම සිසුවිය පැහැර ගැනීමට උත්සහ කළ බවයි සැකකරු පවසා ඇත්තේ.