Friday, March 29, 2024

General line - 0115112241

COVID-19 තත්වය හමුවේ ඩයලොග් නැණස1377 අධ්‍යාපන සහය සේවාව හරහා දැයේ දූදරුවන් සවිබල ගන්වයි




මෙම අසීරු කාල සීමාවේ දී දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය වෙමින්, නියමිත කාලයට පෙර පාසල් වසාඅ  දැමීම හේතුවෙන් අධ්‍යාපන පද්ධතියට සිදුවන හානිය අවම කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා පිඑල්සි සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව නැණස 1377 දුරස්ථ අධ්‍යාපන සේවාව හඳුන්වා දී තිබේ.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසුන්ට පවතින වත්මන් තත්ත්වය හමුවේ නිවසේ සුරක්ෂිත රැඳී සිටින අතර වාරයේ නිරතුරුවම සම්බන්ධව සිටිමින්, තම ඉගෙනුම් කටයුතු බාධාවකින් තොරව අඛන්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට සහය වීම මෙම සේවාවේ අරමුණයි.

මෙම සුවිශේෂී ක්ෂණික ඇමතුම් සේවාව හරහා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට ගණිතය, විද්‍යාව, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන විෂයන් හා සම්බන්ධව ඔවුන්ට පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා රජයේ පුහුණුව ලත් විශේෂඥ ගුරු මඩුල්ලක් වෙත ඒවා යොමු කර ඊට පිළිතුරු ලබා ගත හැකිය. 

සියලුම ඩයලොග් පාරිභෝගිකයින්ට නොමිලේ හිමිවන මෙම සේවාව ඕනෑම ඩයලොග් දුරකතනයකින් 1377 ඇමතීම හරහා ලබා ගත හැකිය, මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් හඳුන්වාදෙන මෙම කාලීන සේවාව ඇමතීම හරහා ලබා ගත හැකිය. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් හඳුන්වාදුන් මෙම කාලින සේවාව සෑම දිනකම පෙරවරු 9.00 සිට දහවල් 12 දක්වා ලබා ගත හැකිය.
 
 
නැණස1377 දුරස්ථ අධ්‍යාපන සහාය සේවාවවට අමතරව ඩයලොග් සමාගම සිය පාර්ශවකරුවන් සමඟ එක්ව ඩේටා ගාස්තු නොමැතිව Guru.lk සහ e-thaksalawa (අධ්‍යාපන අමාත්‍යාංශයේ අන්තර්ජාල ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය) යන වෙබ් අඩවි සඳහාත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ e-learning වෙබ් අඩවිය සහ නැණස ඇප් එක වෙත පිවිසීමටත් අවස්ථාව සලසාදී තිබෙන අතර, තම සියලුම මොබයිල් පාරිභෝගිකයන්ට ඩේටා ගාස්තු නොමැතිව Dialog ViU ඇප් එකනොමිලේ භාවිත කිරීමටත් අවස්ථාව ලබාදී තිබේ. මීට අමතරව ඩයලොග්සමාගම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ එක්ව මෙරට සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල e-Learning වෙබ් අඩවි සඳහා ඩේටා ගාස්තු නොමැතිව නොමිලේ පිවිසීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇත.