Tuesday, April 23, 2024

General line - 0115112241

'නෙත්' සමග 'නෙස්ලේ' එක් වේ - රුපියල් මිලියන 1.8 ක මැගී නිෂ්පාදන ආධාර ලෙසත් ලබා දේ




නෙත් එෆ්. එම්. රේඩියෝවේ විශ්ව කර්ම පෙළහර සමාජ සත්කාරය සමග නෙස්ලේ ලංකා සමාගම ද අත්වැල් බැඳ ගත්තා.

ඒ අනුව රුපියල් මිලියන 1.8 ක වටිනාකමින් යුත් මැගී නිෂ්පාදන මෙම සමාජ සත්කාරය වෙත භාර දුන්නේ අවශ්‍යතා ඇති පුද්ගලයින් වෙනුවෙන් ලබාදීමටයි.

ඒ අනුව ඉදිරියේදී නෙත් එෆ්. එම්. රේඩියෝවේ විශ්ව කර්ම පෙළහර සමාජ සත්කාරය හරහා අවශ්‍යතා ඇති පුද්ගලයින් සදහා අදාළ ආධාර ලබාදීමට නියමිතයි. 

මේ අතර කොවිඞ් නයින්ටීන් වෛරසයට එරෙහි සටන වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4500 ක් පරිත්‍යාග කිරීමට නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව පියවර ගෙන තිබෙනවා.