Friday, April 19, 2024

General line - 0115112241

ගිනි ගත් එමිරේට්ස් යානයේ ඇතුළත වීඩියෝවක් එළියට




ඉන්දියාවේ සිට මගීන් දෙසීය අසූ දෙදෙනකු රැගෙන ගුවන් ගත වූ එමිරේට්ස් ගුවන් යානයක් ඩුබායි ගුවන් තොටුපලට ගොඩ බස්වන අවස්ථාවේ ඊයේ (03) අනතුරකට ලක් වී ගිනි ගත්තා.

අනතුරට පත් යානයේ සිටි සියලු මගීන් ආරක්ෂාකාරී ලෙස යානයෙන් ඉවත් කර ගැනීමට සමත් වූවත් යානය තුළ ඒ වන විට ඇතිවී තිබුණේ දැඩි උනුසුම්කාරී තත්ත්වයක්. මගීන් දැඩි කලබලයට මෙන්ම කම්පනයට ලක්ව සිටි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

බොයින් 777 යානයේ බඳ කොටස පොළොවේ ස්පර්ශ වී තිබූ අතර යානයෙන් කළු පැහැති දුම් කන්දක් ඉහළ නගින ආකාරයත් පසුව ගිනි ජාලාවක් සමග පිපිරීමක්ද සිදු වුණා.

ඉන්දියානු රූපවාහිනියකට අදහස් දැක්වූ යානයේ සිටි මගියෙක් පවසා ඇත්තේ යානයේ කාර්ය මණ්ඩලයෙන් කිසිඳු අනතුරු හැඟවීමක් නොලැබුණු බවයි.

36D82AFD00000578-3721366-image-a-21_1470248120749 36D82BE500000578-3721366-image-a-41_1470248867654 36D852A000000578-3721366-image-a-5_1470249983050 36D8527800000578-3721366-image-a-7_1470250064052 dubai Emirates-plane-crash