Saturday, April 20, 2024

General line - 0115112241

දරුවන්ගේ එන්නත් වැඩසටහන ගැන පැහැදිළි කෙරේ



දරුවන්ට ලබා දෙන ප‍්‍රතිශක්තීකරණ එන්නත් නියමිත දිනට වඩා කෙටි කළක් ප‍්‍රමාද වීමෙන් සැලකිය යුතු නරක බලපෑමක් ඇති නොවන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

නව කොරෝනා පැතිරයාම වළක්වාලීමට ගනු ලැබූ පියවර යටතේ සියලූ සායනද නවතා දැමුනු අතර ඒ අනුව ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමද නතර වුණා.

ඊයේ (22) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමටඞ් වැඩසටහනේදී ද ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු අතර සිදු වූ ප‍්‍රමාදයන් පිළිබදව මව්පියවරුන් බියපත් විය යුතු නොමැති බවයි වෛද්‍යවරුන් එහිදී අවධාරණය කළේ. 

එහිදී අදහස් දැක්වූයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ චිත‍්‍රමාලිද සිල්වා යි. ප‍්‍රතිශක්තීකරණ එන්නත් දරුවන්ට ලබා දීම දැන් නැවත ආරම්භ කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර දරුවන්ට ඇතිවන සරල උණ තත්ත්වයකදී පවා මව්පියන් මේ දිනවල ඉක්මනින් කළබල වනවා. එහෙත් එවැනි කළබලයක් ඇති කර නොගන්නා ලෙසයි වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ යි.

(අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)