Friday, April 19, 2024

General line - 0115112241

අභිරහස් යානා තුනක වීඩියෝවන් "පෙන්ටගනය" මුදා හරි (VIDEO)




මීට වසර ගණනාවකට ඉහතදී අමෙරිකානු නාවික හමුදාවේ ගුවන් යානා නියමුවන් විසින් පටිගත කරන ලද "හඳුනා නොගත් යානා" කිහිපයක වීඩියෝ දර්ශන නිල වශයෙන් එරට ආරක්ෂක අමාත්‍යාංශය වන "පෙන්ටගනය" විසින් මාධ්‍ය වෙත පළමු වරට නිකුත් කර තිබෙනවා.

2004 වර්ෂයේදී අමෙරිකානු නාවික හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා බලගණයට අනියුක්ත ගුවන් නියමුවෙක් වූ David Fravor විසින් පළමු වරට මෙම යානාව දැක තිබෙනවා.

ඉන් පසුව 2015 වර්ෂයේ ජනවාරි මාසයේදී අවස්ථා දෙකකදී මේ අයුරෙන් හඳුනා නොගත් යානා දෙකක් අමෙරිකානු නාවික හමුදා ගුවන් නියමුවන්ට දර්ශනය වී ඇත.

මෙම අභිරහස් යානා කොහේ සිට පැමිණියාද කියා මේ දක්වා හෙළිකර ගැනීමට කිසිවෙකුත් සමත්වී නැහැ.

කෙසේ වුවත් පිටසක්වල ජීවින් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන පර්යේෂකයින් කිහිපදෙනෙක්ම සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරිම ඉතා වැදගත් බවයි.

අමෙරිකාව විසින් පවත්වා ගෙන යන අධි රහසිගත වැඩසටහන් හි හිටපු ප්‍රධානී Luis Elizondo ප්‍රකාශ කර සිටියේ " අප තනිව නොසිටින බවට මෙය කදිම සාක්ෂියක්" බවයි.