Thursday, April 25, 2024

General line - 0115112241

සුප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් ජිවිත ගමනින් සමුගනියි




ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක් වූ ඉර්ෆාන් ඛාන් අද (29) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 53 වන වියේ පසුවූවා.

මුමාබායි හි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මෙම සුප්‍රකට නළුවා මියගොස් තිබුනේ මහා බඩවැලේ හට ගෙන තිබු ගෙඩියක් හේතුවෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

දිගු කලක් ඉර්ෆාන් ඛාන් බ්‍රිතානයේ රෝහලකින් ද ප්‍රතිකාර ලබමින් සිටියා.

හොලිවුඩයේ මෙන්ම බොලිවුඩය ජයගත් රංගන ශිල්පියෙක් වන ඉර්ෆාන් ඛාන් ඉතා දක්ෂ නළුවෙක් වනවා.

ස්ලම්ඩෝග් මිලියනර්, ජුරාසික් වර්ල්ඩ්, පීකු සහ ලයිෆ් ඔෆ් පයී, Inferno, Blackmail ඔහු රංගනයෙන් දායකවූ චිත්‍රපට කිහිපයක්.