Thursday, April 25, 2024

General line - 0115112241

විශ්ව දෙවන පන්දුවෙන්ම මංගල කඩුල්ල ඩැහැ ගනී




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 281කට සීමා වුණා.

ශ‍්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් සහ ඇන්ජලෝ මැතිවුස් ලකුණු 54ක් රැස් කළා.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 49ක් ද ධනංජය ද සිල්වා ලකුණු 37ක් ද එහිදී රැස් කළා.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් ලකුණු 44කට කඩුලූ 05ක් බිඳ හෙලූවා.

මේ අතර ඕස්ටේ‍්‍රලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් දැන් පන්දුවට පහර දෙමින් සිටිනවා.

සිය පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන විශ්ව ප‍්‍රනාන්දු සිය මංගල කඩුල්ල ලෙස ජෝ බර්න්ස් සිය දෙවන පන්දුවේදීම දවා ගත්තා.


අර්ධ ශතකය අභියස කුසල්ගේ ඉනිම නිමාවෙයි (UPDATE)

Aug 4, 2016 @ 12:54

මීට සුළු මොහොතකට පෙර කුසල් ජනිත් පෙරේරා ලකුණු 49 කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියේ නායක ඇන්ජලෝ මැතිවුස්.

 


කුසල් මෙන්ඩිස් යළිත් පිත්තට පණ පොවයි – ගාලු පිටිය වර්ණවත් කරයි

(Aug 4, 2016 @ 12:01)

සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග ගාල්ලේදී අද (04) ආරම්භ වූ දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවන් යුගළය යළි අසාර්ථක වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න පළමු පන්දුවේදීම දවා ගැනීමට මිචෙල් ස්ටර්ක් සමත් වුණා. කෞෂාල් සිල්වාට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 5 ක් පමණයි. ඒ අනුව ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 9 ක් තුළ බිඳ වැටුණා.

අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් තුන්වන කඩුල්ල සඳහා මේ වන විට ලකුණු 100 ක නොබිඳුනු සබඳතාවක් ගොඩ නගා තිබෙනවා. කුසල් මෙන්ඩිස් හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් අගනා ලකුණු 52 ක් රැස් කර සිටිනවා. නොදෙවී කී‍්‍රඩා කරන කුසල් ජනිත් පෙරේරා ලකුණු 47 යි.


තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ලංකාවට

(Aug 4, 2016 @ 09:35)

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වුණා.

ශ්‍රී ලංකා පිළ තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.

 


ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අද ගාල්ලේදී ගැටෙයි

(Aug 4, 2016 @ 07:11)

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (04) ආරම්භ වනවා.

තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි.

අද තරගය ආරම්භ වන ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ශී‍්‍ර ලංකාවට වාසිදායක කී‍්‍රඩාංගණයක් ලෙසයි සැලකෙන්නේ. එම කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරග 27 කට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන් තරග 15 ක ජය වාර්තා කිරීමට සමත් වුණා.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට මෙතෙක් සමත් වී නැහැ. දෙරට අතර එම කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරග 3 ක් පවත්වා ඇති අතර ඉන් තරග 2 ක ජය හිමිකර ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් වුණා. එක් තරගයක් අවසන් වුයේ ජය පරාජයෙන් තොරවයි.