Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා එන්නතක් වැඩි දියුණු කරමින් පවතී




කොරෝනා වෛරසයට පිළියම් වශයෙන්, 2020 වසර අවසන් වනවිට ඖෂධ මාත‍්‍රා මිලියන 100 ක් ලබා දීමට හැකි වන පරිදි කොරෝනා එන්නතක් දියුණු කරමින් පවතින බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කළා.

මේ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සමග එක්ව කටයුතු කරන ජර්මානු සමාගමක් විසින් දැනටමත්, අදාළ එන්නත සම්බන්ධ අත්හදා බැලීම් සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ලබන සතිය මුලදී‘ එම එන්නත අමෙරිකා එක්සත් ජනපදය තුළ ද අත්හදා බැලීමට නියමිතයි. හදිසි අවස්ථාවකදී භාවිත කළ හැකි මට්ටමට මේ වනවිටත් එම එන්නත දියුණු කර ඇති බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් ජර්මනියේ කළ සායන අධ්‍යයනයකට සහභාගී වූ දොළොස් දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායමට බීඑන්ටී 162 නමින් හැඳින්වෙන මෙම කොරෝනා මර්දන එන්නත ලබා දී තිබෙනවා.

නමුත්, එහි ප‍්‍රථීඵලවල සාර්ථක - අසාර්ථක භාවය මෙතෙක් හෙළි කර නැහැ.

ගත වූ පැය 24 තුළදී ද අමෙරිකාවෙන් කොරෝනා මරණ 2,352 ක් වාර්තා වී ඇති අතර, එම කාල සීමාව තුළ පමණක් එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,586 ක්. ඒ අනුව මේ වනවිට අමෙරිකාවෙන් මුළු කොරෝනා ආසාදිතයින් දසලක්ෂ 64,194 ක් සහ මුළු කොරෝනා මරණ 61,656 ක් ද වාර්තා වනවා.

ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 32 ඉක්මවා ගොස් තිබෙනවා. 

මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන තිස්දෙලක්ෂ 19,240 ක් වන අතර ලොව පුරා කොරෝනා මරණ දෙලක්ෂ 28,194 ක් ද වාර්තා වන බවයි නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.