Thursday, April 25, 2024

General line - 0115112241

නිරෝධායන මධ්‍යස්ථානයේදි මිය ගිය දෙදෙනා ආදාහනය කිරීමේදී උණුසුම් තත්ත්වයක්

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය




කොළඹ ගුණසිංහපුර බස් නැවතුම් පොළ ප්‍රදේශයේ සිටියදී නිරෝධායනය වෙනුවෙන් මුලතිව්, කේප්පාපිලව්, ගුවන් හමුදා කඳවුර වෙත ගෙනැවිත් සිටියදී ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) සවස මුලතිව් ප්‍රදේශයේදී නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා.

නිරෝධායන මධ්‍යස්ථානය තුළ සිටියදී ඇති වු රෝගී තත්ත්වයක් මත වයස අවුරුදු 82 ක් හා වයස අවුරුදු 80 ක් වු පුද්ගලයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබු අතර, මියගිය පුද්ගලයින්ගේ සිරුරු කොරෝනා නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ නියෝග කොට තිබුණා.

එහෙත් මුලතිව් ප්‍රදේශයේදී විදුලිබලයෙන් ක්‍රියාත්මක වන ආදාහානාගාරයක් නොමැති බැවින් මළ සිරුරු මුලතිව්, මුල්ලියාවේ සුසාන භූමියේදී දර යොදා පිළිස්සීමට තීරණය කෙරුණා.

එහෙත් දර යොදා සිදු කරන ක්‍රියාවට ප්‍රදේශයේ ජනතාව විරෝධය පළ කිරීමත් සමග උනුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා. ඒ ඔවුන්ගේ සෞඛ්‍යට ඉන් තර්ජනයක් ඇති වේ යැයි ඇතිව තිබු සැකය හේතුවෙන්.

ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය හමුවේ මළ සිරුරු ආදාහනය කිරීමට ඊයේ සවස් වන තෙක් නොහැකිවු අතර, රාත්‍රි කාලයේදී මුලතිව් සෞඛ්‍ය අංශ, පොලිසිය හා මුලතිව් ආරක්ෂක අංශ මැදිහත් වී මළ සිරුරු දර යොදා ආදාහනය කිරීමට කටයුතු කළා.

<