Friday, March 29, 2024

General line - 0115112241

නෙදර්ලන්ත 230ක් මත්තලට ඇවිත් (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




ගාල්ල වරායේ නවතා ඇති නෞකාවක් සදහා අවශ්‍ය කාර්යමණ්ඩලය රැගත් බෝයිං 767-300ER වර්ගයට අයත් විශේෂ ගුවන් යානයක් අද (03) දින නෙදර්ලන්තයේ සිට පැමිණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගොඩබස්වනු ලැබුවා.

විශේෂ මානුෂිය හේතුන් මත 230 ක නෞකා කාර්ය මණ්ඩලයක් සදහා දිවයිනට පැමිණීම සඳහා අවසර දී ඇති අතර එසේ පැමිණි කාර්ය මණ්ඩලය මත්තල ගුවන්තොටුපොළ තුලදී පුර්ණ විෂබීජ හරණයට ලක්කොට පසුව බස්රථ මගින් ගාල්ල වරාය  වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම අදාළ නෞකාවේ සිටින තවත් 53 දෙනෙකු නැවත නෙදර්ලන්තය දක්වා ගමන් කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත බවත් ඔවුන් අද රාත්‍රියේ මෙරටින් පිටවීමට නියමිත බවත් ගුවන්තොටුපොළ නිලධාරීන් කියා සිටියා.