Tuesday, April 16, 2024

General line - 0115112241

මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකක සංවර්ධනය 'ඩයලොග්' අරඹයි




ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය සියලු උපකරණ සපයමින්, එය පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය සිවිල් ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබෙනවා.

සුව සේවාවේ නිරත පිරිස් ජීවිත බේරාගැනීම හා සම්බන්ධව සිදුකරන සෘජු ක්‍රියාකාරකම්වලට සහාය වී, COVID-19  රෝගීන්ට පමණක් නොව දීර්ඝකාලීනව දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය අනෙකුත් සියලුම රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

(ඒ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව පහතින්)