Tuesday, April 23, 2024

General line - 0115112241

කොවිඩ් සටනට උරදෙන පොලිස් සහ PHI නිලධාරීන් වෙනුවෙන් සෙලාන් බැංකුවෙන් මුහුණු ආවරණ 8000 ක්




කොවිඩ් 19 වසංගතය මැඩලීමේ රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙනුවෙන් ප්ලාස්ටික් මුහුණු ආවරණ ලබා දීමේ සත්කාරයක් අද උදෑසන සිදු වුනා.

ඒ සෙලාන් බැංකුවේ සංවිධානයෙන්.

දිවයින පුරා රාජකාරියේ නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, බස්නාහිර පළාතෙහි සේවයේ නියුතු පොලිස් නිලධාරීන් ඇතුළු 8000 කට ආසන්න ප්‍රමාණයකට මෙලෙස මුහුණු ආවරණ ලබා දුන් අතර මෙම අවස්තාවට සෙලාන් බැංකුවේ ජේෂ්ඨ කළමණාකාරිත්වය එක්ව සිටියා.