Friday, March 29, 2024

General line - 0115112241

වත්මන් තත්ත්වය හමුවේ ජනපතිට ඇති බලය ගැන නීතිවේදීන් පැහැදිළි කරයි




පාර්ලිමේන්තුව යළි කැඳවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳ ඊයේ (04) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඊට එක්වෙමින් නීතීඥ මනෝහර ද සිල්වා පැවසුවේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාවක් පවතින බවයි.

එහෙත්, විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට ජනාධිපතිවරයා හට බලපෑම් කිරීමට කිසිඳු පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

එහිදී නීතීඥ මනෝහර ද සිල්වා වැඩිදුරටත් කරුණු දක්වමින් පැහැදිළි කිරීමක් සිදු කළා.

(ඊයේ රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්.)