Saturday, April 20, 2024

General line - 0115112241

ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ හැකි ඩ්‍රෝන යානයක්




ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ හැකි ඩ්‍රෝන යානයක් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිසුවෙකු විසින් නිර්මාණය කර තිබෙනවා.

පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙය නිර්මාණය කළ බවයි එම විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන ඩෙවින් ප‍්‍රනාන්දු සිසුවා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ. 

ජංගම මුර සංචාරවල නිරත ආරක්ෂක අංශ නිලධාරීන්ට ද මෙම ඩ්‍රෝන යානය හරහා පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්ය පරීක්ෂා කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.