Friday, April 19, 2024

General line - 0115112241

ලොවට කොරෝනා දුන් චීනයේ හුබේ නගරයේ පාසල් විවෘත වේ - කොරෝනා මැද ඕස්ට්‍රේලියාවේ තුරග තරග පැවැත්වීමට බ්‍රිතාන්‍ය රැජිණියගේ ආශිර්වාදය




කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ හුබේ පළාතේ පාසැල් යළි විවෘත කර තිබෙනවා. වෛරසයේ ආරම්භයෙන් පසු හුබේ පළාතේ පාසැල් මෙලෙස විවෘත කෙරුණු පළමු අවස්ථාව මෙයයි. 

තෝරා ගත් ශ්‍රේණි කිහිපයක සිසුන් පාසැල් වෙත කැඳවීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ අනුව ඉදිරියේදී ප‍්‍රධාන විභාග පැවැත්වෙන 09 සහ 12 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු මෙලෙස පළමුව ආරම්භ කර තිබෙනවා. 

පාසැල්වලට පැමිණීමට පෙර හුබේ පළාතේ සියලූ පාසැල් සිසුන් කොරෝනා පරීක්ෂණයකට පෙනී සිටිය යුතුයි. එසේම සියලූ සිසුන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු වන අතර ආපනශාලා වැනි පිරිස් රැුස්වන ස්ථානවල මීටරයක පරතරය තබාගෙන කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද සඳහන්. 

චීනයේ ප‍්‍රදේශ කිහිපයක පාසැල්වල ඇතැම් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් මාර්තු මාසයේදී ආරම්භ කෙරුණා.  

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේදී ඔස්ටේ‍්‍රලියාව ලද සාර්ථකභාවය පිළිබඳ තමන් බෙහෙවින් සතුටු වන බව බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් හට දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා.  ඕස්ට්‍රේලියාව තවමත් බ්‍රිතාන්‍ය රැජිණට බැදී සිටින රාජ්‍යයක්.

තුරග තරග අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද තමන් සතුටු වන බවයි බි‍්‍රතාන්‍ය රැජින ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා හට වැඩිදුරටත් පවසා ඇත්තේ. 

මේ අතර වැඩිම නව කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන දෙවන රට බවට බි‍්‍රතාන්‍ය පත්ව තිබෙනවා. ඒ අනුව ලොව කොරෝනා මරණ වැඩිම රටවල් අතරින් අමෙරිකාවට පසුව පෙරමුණ ගෙන සිටින්නේ බි‍්‍රතාන්‍යයයි. 

බි‍්‍රතාන්‍යයෙන් මේවනවිට වාර්තා වන කොරෝනා මරණ ගණන 29, 427 ක්. එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 94, 990 ක් වනවා.