Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාවේ තවත් ඛේදවාචකයක් : නිදා සිටි කම්කරුවන් 15ක් දුම්රියකට බිළිවෙයි




ඉන්දියාවේ, මහාරාෂ්ඨ ප්‍රාන්තයේදී ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක ගැටීමෙන් සංක්‍රමණිකයින් 15 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

20 දෙනෙකුගෙන් යුත් සංක්‍රමණික කම්කරුවන් පිරිසක් දුම්රිය මාර්ගය මත නිදා සිටියදී මෙම ඛේදජනක ඉරණමට මුහුණ පා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

කොරෝනා වෛරසය හේතුවෙන් දුම්රිය ධාවනය අත්හිටුවා තිබීමෙන් දුම්රිය ධාවනය නොවෙනු ඇතැයි සිතා මෙම කම්කරුවන් දුම්රිය මාර්ගය මත නිදාගෙන සිට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මුලික පරීක්ෂණ වලදී හෙළිව ඇත්තේ.

මෙම කම්කරුවන් ජල්නා සිට කිලෝමීටර් 157 ක් දක්වා දුරින් පිහිටි බුෂාවෙල් නගරය බලා ගමන් කරමින් සිට තිබෙනවා.

මෙම අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙක් දිවිගලවා ගෙන ඇති අතර ඔවුන් දැඩි කම්පනයට පත්ව සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.