Friday, April 19, 2024

General line - 0115112241

දැවැන්ත ගලවා ගැනීමේ මෙහෙයුමකට ඉන්දියාව සූදානම් වෙයි




වසර 30 කට පසු ඉන්දියාව විසින් ලොවපුරා සිටින සිය රට වැසියන් යළි තම රටට ගෙන්වා ගැනීමේ දැවැන්තම මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

ඒ, ලොවපුරා ව්‍යාප්තව ඇති කොරෝනා වසංගතය හමුවේයි. මෙම මෙහෙයුමේදී ලොවපුරා රටවල් රැසක සිරවී සිටින ඉන්දියානුවන් ලක්‍ෂ 2 ක් යළි සිය රටට ගෙන්වා ගැනීමටයි නියමිතව ඇත්තේ. මෙය සාර්ථකව වුවහොත් 1990 වසරෙන් පසුව ඉන්දියාව සිදුකරන දැවැන්තම ගලවා ගැනීමේ මෙහෙයුම මෙය වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මීට පෙර ගල්ෆ් යුද සමයේ කුවේටයේ සිටි ඉන්දියානුවන් එක් ලක්‍ෂ 70,000 ක් මෙලෙසම ගෙන්වා ගෙන තිබුණා. 

මේ අතර නවතම දත්තවලට අනුව ලෝකයෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 39 ලක්‍ෂ 17,999 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ රුසියාවෙන් සහ බ‍්‍රසීලයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ක‍්‍රමයෙන් වැඩිවීමයි. අද වනවිට රුසියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන ප‍්‍රංශය සහ ජර්මනියද පසුකර ගියා. රුසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් ගණන එක් ලක්‍ෂ 77,160ක්.