Thursday, March 28, 2024

General line - 0115112241

කොරෝනා අභියෝගය ජයගත් අපුරු ආපනශාලාව (PHOTOS)




කොරෝනා වසංගතය හමුවේ ලොවපුරා අවන්හල් වසා දමා තිබියදී එක් අවන්හලක් ඊට විසඳුමක් සොයා ගෙන තිබෙනවා. නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි Mediamatic ETEN නම් මෙම අවන්හල විසින් මෙම ක්‍රමය හඳුන්වා දී ඇත.

සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් සිය පවුලේ හිතවතුන් සමග ආහාර ගත හැකි කුඩා නිරෝධායන කුටි ලෙස මෙම ක්‍රමය හඳුන්වාදී ඇත.

ආහාර පාන සංග්‍රහය කරන කාර්ය මණ්ඩලයද ආරක්ෂාකාරී ආවරණ වලින් සැරසී සිටින අතර එම කුටි වෙන්කරවා ගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබයි.

කෙසේ වුවත් ඉදිරි කාල සීමාව දක්වා මෙම ආපන ශාලාවේ වෙන් කරවා ගැනීම් අවසන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.