Sunday, September 20, 2020

Advertising - 0773953664 | General line - 0115112241

සහරාන් "කාන්තාවන්ට" පුහුණුව දුන් කඳවුර CIDය සොයා ගනියි (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල

7266Views


 


 

 

 

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්තවාදී නායක සහාරන් හෂිම් විසින් කාත්තන්කුඩි පාලමුනේ, කරබලා ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තවන් පුහුණු කිරිමේ මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් විසින් සොයා ගැනිමට සමත්ව තිබෙනවා.

මාවනැල්ල බුදු පිලිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි මෙම ස්ථානය පිලිබදව තොරතුරැ සොයා ගැනිමට හැකිව තිබේ.

පසුව ඔහු සමග කාත්තන්කුඩි පාලමුනේ, කරබලා ප්‍රදේශයේ ගොස් "සියාද් ගාඩන්" නැමැති හෝටලය සොය ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් සමත්විය.පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂා නිළධාරින් පැමින මෙම හෝටලයේ කාමර සහ භුමිය දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබිය.

හෝටලයේ අයිතිකරැ සහ මිට පෙර මෙම ඉඩමේ අයිතිකරැ ගෙන් ප්‍රශ්න කර ඔවුන් ගේ ප්‍රකාශ සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ  නිළධාරින් කටයුතු කරනු ලැබිය.

මෙම ස්ථානයේ සහාරාන් සමග කටයුතු කල බෝම්බ පුපුරැවා ගෙන මිය ගිය අයගේ බිරින්දෑවරැ පිරිසක් මෙම ස්ථානයේ සහරාන් පැවැත්වු දේශණවලට සහාභාගි වි ඇති බව ද පරීක්ෂණ වලින් කරැණු හෙලි කර ගැනිමටද පරීක්ෂණ පැවැත්වු නිළධාරින් සමත් වි තිබේ. මේ පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිනවා.


 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here