Friday, March 29, 2024

General line - 0115112241

ලොව පුරා කොරෝනා ආසාධිතයන් ලක්ෂ 40 ඉක්මවයි




ලොවපුරා වාර්තා වන කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 40 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 

නවතම වාර්තාවන්ට අනුව ලෝකයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන හතලිස් ලක්‍ෂ 9,472 ක්. ඒ, ගත වූ පැය 24 තුළ අලූතින් රෝගීන් 95,828 දෙනෙකු වාර්තාවීමත් සමගයි. 

නවතම වාර්තාවන්ට අනුව ලෝකයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන දෙලක්‍ෂ 75,914 ක්. ඒ, ගත වූ පැය 24 තුළ අලූතින් මරණ 5,488 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

තවදුරටත් වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 13 ලක්‍ෂ 20,683 ක්. ඒ, ගත වූ පැය 24 අලූතින් රෝගීන් 28,060 දෙනෙකු වාර්තාවීමත් සමගයි. 

අලූතින් මරණ 1,629 ක් වාර්තාවීමත් සමග අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 78,557 ක්. ගත වූ පැය 24 තුළ රුසියාවෙන් සහ බ‍්‍රසීලයෙන් රෝගීන් දස දහසකට වඩා වැඩියෙන් වාර්තා වී තිබෙනවා. 

දිනක් තුළ රුසියාවෙන් රෝගීන් දස දහසකට වඩා වැඩියෙන් අඛණ්ඩව වාර්තා වූ 7 වන දිනයද අදයි. 

යුරෝපා කලාපයේ වැඩිම මරණ සිදුවූ රට බවට ඉතාලිය පත්ව තිබෙනවා. ඒ, එරට සිදුවූ මරණ සංඛ්‍යාව 30,000 සීමාව පසුකර යාමත් සමගයි. යුරෝපයේ කිසියම් හෝ රටකින් කොරෝනා මරණ 30,000 ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා. ගත වූ පැය 24 තුළද ඉතාලියෙන් පුද්ගල මරණ 243 ක් වාර්තා වී තිබෙනවා.