Thursday, April 25, 2024

General line - 0115112241

සුපුරුදු ජිවන රටාවෙන් දුරස්වීමට සියලු දෙනාට සිදුවේවි : ලෝක සෞඛ්‍ය සංවිධානය 




කොරෝනා වෛරසයට එරෙහිව නිසි ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් සුපුරුදු ජිවන ක්‍රමයෙන් බැහැරව සිටීමට ලොව සියලු දෙනාටම සිදුවෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවන්සනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සේවා හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසුවේ කොරෝනා වෛරස් එන්නතක් නිපදවන තෙක් ලොව පුරා ජනතාවගේ ජීවිත “සැලකිය යුතු වෙනස් කිරීමකට” සිදුවෙනු ඇති බවයි.

“මෙම තත්ත්වයෙන් පිටතට යාමට මගක් තිබෙනවා. නමුත් අපි නිතරම සෝදිසියෙන් සිටිය යුතුයි. වෛරසයට එරෙහි එන්නතක් හෝ ප්‍රතිකාරයක් හඳුනා ගන්නා තෙක් අපගේ ජීවන රටාවෙහි සැලකිය යුතු වෙනසක් කිරීමට අපට සිදුවනු ඇති බව" විධායක අධ්‍යක්ෂක මයික් රයන් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා.

වසා දමා ඇති යලි විවෘත කිරීමේදී බොහෝ රටවල් ඉතා පරිස්සමින් පියවරෙන් පියවර ප්‍රවේශයක් ගැනීම වැදගත්. බොහෝ පුද්ගලයින් ආර්ථික, සමාජීය සහ මානසික වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව සිටිනවා. ඒ හේතුවෙන් පාලකයින් ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ඔහු සඳහන් කලේ.

දැඩි අවධානම් සහිත ප්‍රදේශවල අර්ධ ලෙස පාසැල්, කාර්යාල විවෘත කිරීමේදී වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බවත් ප්‍රසංග සහ ක්‍රීඩා තරග වැනි දෑ යලි පැවැත්වීම මේ අවස්ථාවේදී උචිත නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂක මයික් රයන් සඳහන් කර සිටියේ.