Friday, March 29, 2024

General line - 0115112241

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අරඹන අයුරු තීරණය කිරීමට සාකච්ඡාවක්




ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණූවීම් ඉදිරියේදී සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් විමසා බැලීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නිියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා වෛද්‍ය නියෝජිත වෛද්‍ය ධමින්දා අත්තනායකද ඊට සහභාගි වීමට නියමිත බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. 

එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස ජාතික කණ්ඩායම්වල නායකයින් සහ ශ්‍රී ලංකා ජාතික කිි‍‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් ද ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් ද අද පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතව සිටිනවා. 

ක්‍රිකට් ක්‍රීඩකයන් පී සී ආර් පරීක්ෂණයකට ලක් කර නේවාසික කදවුරකදී පුහුණුුවීම් ආරම්භ කිරීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ. අද පැවැත්වෙන සාකච්ඡාවේදි ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති. 

දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි යලි ආරම්භ කිරීමට පෙර ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේද සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්ද  විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව යෝජනා වී තිබෙනවා.  

සෞඛ්‍ය නිර්දේශ අනුව පමණක් තරගාවලි පැවැත්වීමට සලකා බලන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.