Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රිකට් ගැන ගත් අලුත් තීරණ




පවතින සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැහීමකට පත්විය හැකි නම් ලබන ජූනි මස පළමුවැනිදා සිට ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුවීම් නැවත ආරම්භ කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ ඊයේ (12) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිි ද සිල්වා, තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්, ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර්, පිතිකරණ පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර්, ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංගද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ශී‍්‍ර ලංකා වෛද්‍ය නියෝජිත වෛද්‍ය ධමින්දා අත්තනායක ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. පුහුණුවීම් ආරම්භ කරන්නේ නම් ඒ පිළිබද සලකා බැලිය යුතු කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමුව තිබෙනවා. 

ජාතික කණ්ඩායමේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් නේවාසිකව කදවුරු ගත කොට පුහුණුවිම් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා. ඔවුන් කඳවුරු ගත කර සිටින කාලසීමාවේදී ඔවුන් PCR පරීක්ෂණවලටද ලක් කිරීමට නියමිතව තිබෙනවා. 

පළමුවෙන්ම ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් නේවාසිකව කඳවුරු ගත කොට පුහුණුවීම් ආරම්භ කිරීමට යෝජිතයි. මාස දෙකකට වැඩි කාලයක් පුහුණුුවීම් නවතා දැමීම හේතුවෙන් වේග පන්දු යවනන්ගේ පන්දුවල වේගය සහ රිද්මයටද බලපෑමක් වී ඇතිවිය හැකි වීම ඊට හේතු වී තිබෙනවා. 

කෙසේ වෙතත් පුහුණුවීම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා තවත් දින 10කින් මෙම පිරිසගේම සහභාගිත්වයෙන් තවත් සාකච්ඡාවක් කැදවීමටයි තීරණය කර ඇත්තේ.