Thursday, April 25, 2024

General line - 0115112241

දැන් ව්‍යවසායකත්ව මානසිකත්වයක් ජනතාව තුළ ඇති කළ යුතුයි



දකුණු ආසියාවේ සෙසු රටවලට වඩා ඉක්මනින් නව කොරෝනා ව්‍යසනය ජය ගැනීමට හැකි වුවහොත් ආර්ථිකයේ විශාල පිම්මක් පැණිමට ශී‍්‍ර ලංකාවට අවස්ථාව තිබෙන බව විද්වතුන් පෙන්වා දෙනවා.

සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කරමින් මහජනතාව ද ඊට සහය විය යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. ඊයේ (12) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ශී‍්‍ර ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජනක් කුමාරසිංහ ඒ පිළිබඳ කරුණු දැක්වූවා.

ව්‍යසනයක් පවතිද්දී වුවද නව අවස්ථා ඇති වන බව මෙම වැඩසටහනට සහභාගී වූ ශී‍්‍ර ලංකා අලෙවි කරන ආයතනයේ සභාපති රොෂාන් ප‍්‍රනාන්දු පැවසුවා.

එම අවස්ථා හදුනා ගැනීම සඳහා ව්‍යවසායකත්ව මානසිකත්වය ජනතාව තුළ ඇති කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 

(ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරයවූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)