Thursday, April 25, 2024

General line - 0115112241

ඩයලොග් සහ Huawei සමග රෝහල් වෙත වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් නොමිලේ ප්‍රදානය කරයි




ඩයලොග් සමාගම සහ Huawei සමාගම දිවයිනේ රෝහල් සඳහා අවශ්‍ය වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොමිලේ ප්‍රදානය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම සහ Huawei ටෙක්නොලොජීස් ලංකා කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය  සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ (MOH) පවතින ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ අනුගත කර තිබෙන  කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානද ඇතුළත් වන පරිදි රෝහල් 30 ක් වෙත අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. 

අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම් මගින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය  සේවා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධ ඊ-සෞඛ්‍ය (e-Health)පද්ධතියක් සමඟ සක්‍රීය කරමින් දුරස්ථව සිට සම්බන්ධවිය හැකි තාක්ෂණික පහසුකම් හරහා මධ්‍යගත සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය තොරතුරු සේවාවන් සහ සෞඛ්‍ය අධ්‍යාපන සේවාවන් ලබාදීමට සහාය දක්වයි.

(එහි සම්පූර්ණ විස්තර පහතින්)